Pages

මෙම බ්ලොග් පිටුව

අමාමෑණී ලොවුතුරා බුදු රජාණන් වහන්සේ විසින් සුවහසක් ජනීජනයා උදෙසා දේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය ලෝ ධාතුව තුල වසර 5000 ක කාලයක් නොනැසී පවත්වා ගැනීමේ වගකීම ඔබ, මා සියලු දෙනාගේ වගකීමයි. ඒ සා භාරධූර කාර්යයක් අප ජීවිත කාලය තුල හැකි පමණින් ඉටු කරලීම පිණිස ම වර්ෂ 2012 අ‌ප්‍රේල් මස 13 වැනිදා, එනම් සිංහල අවුරුදුදා මෙම බ්ලොග් පිටුව අන්තර්ජාලයට නිදහස් කරනලදී.
If you have time to breathe, you have time to meditate. ඔබට හුස්ම ගැනීමට වේලාව තිබේනම් භාවනා කිරීමට ද වේලාව තිබෙයි.- අචාන් චා හිමි

Sunday, April 14, 2013


Thursday, November 8, 2012

සුංසුමාර ජාතකය (203 වන ජාතකය)



෴ නමෝ බුද්ධාය ෴
සුංසුමාර ජාතකය
ජාතක කථා පොත් වහන්සේගේ 203 වනට රචිත ජාතකය මෙය වේ.
ශාක්‍යසිංහ වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාම විහාරයේ වැඩ වසන සමයෙහි දේවදත්ත තෙරුණ් උන්වහන්සේට කරන්නට වූ වධයක් අරබයා මේ ජාතකය දක්වන ලදී.

එක් දවසක් සංඝයා වහන්සේ දම්සභා මණ්ඩපයේ රැස්ව “දේවදත්ත ස්ථවිරයන් වහන්සේ සර්වඥයන් වහන්සේට වධ කිරීමට කිරීමට උත්සාහ කරති” යි කිය කියා සිටි තැනට වැඩ වදාළ සරිවඥයන් වහන්සේ “මහණෙනි මා එන්නට පෙරාතුව කිනම් කතාවකින් යුක්තව උන්නේදැ”යි විචාලහ. භික්ෂූන්ගෙන් කථා නිමිත්ත අසා දැනගත් බුදුහු, “පළමුව ද දේවදත්ත සුථවිරයෝ මා නසන්නට උත්සාහකොට භයක් පමණකුදු උපදවා ගත නුහුණුවෝ වේ”දැයි වදාරා, “ඒ කෙසේදැ”යි ආරාධනා වූ කළ මෙසේ පෙර වදන් දක්වා ලූහ.

යව ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරනා සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ ගංගාවක් අසල බැද්දක වානරව ඉපිද වාසය කරන සේක. එසමයෙහි එක් කිඹුල් දෙනක් මේ වානරයන්ව දැක ඔවුන්ගේ හෘදමාංශය කෑමෙහි දොලක් ඇතිව එපවත් කිඹුලාට දැන්වීය. “ස්වාමි පුත්‍රයෙණි ඇතෙකු හා බලැති වානර රජ්ජුරුවන්ගේ හෘදමාංශය කන්නට මට දොලක් උපනි”. එයට පිලිතුරු ‍දුන් කිඹුලා “සොඳුර අපි ජලයෙහි වාසය කරනා අයයි. ඔහු ගොඩ වසන්නෙකි. එහෙයින් උන්ගේ හෘදය ගෙනෙන්නට මට පිළිවන්දැ” යි ඇසීය.

එබස් ඇසූ කිඹුල් දෙන “ස්වාමිණී නුඹ දන්නා කිනම් උපායක් හො යොදා ගෙනව. නැත්නම් මාගේ දිවි නොරැකෙයි” යනුවෙන් පැවසීය.

 එබස් ඇසූ කිඹුලා “යහපතැ” වදාරා වානර රජු වසනා ගස සමීපයට ගොස් “වානර රජ්ජුරුවනි, තොප කසට පලාපල කා මෙහිම වාසය කරන්නේ ඇයි? එගොඩට ගොස් එහි ඇති අඹ දඹ දෙල් බෙලි කිතුල් ඉඳි ආදී වූ මිහිරි පලා පල සහිත වනයේ වාසය කළොත් නරකදැ” යි විචාලහ.

එබස් ඇසූ වානර රජු “කිඹුලාණෙනි ඉවුරු දෙගොඩ තලා ගලමින් තිබෙනා මේ ගංගාවේ එගොඩට  පැණීමට නොහැකිය. ඉතින් මම කුමක් කරම්දැ” යි කීහ.

“තොප කැමැත්තේ නම් තා මා පිට හිඳුවාගෙන ගොස් එගොඩට ඇරලමි”. එබසට කැමැතිවූ වානර රජු යහපතැයි කියා කිඹුලාගේ පිට මතට පැන්නේය.  කිඹුලා ගංගාව මධ්‍යයේදී දිය යටට ගිලෙන්නට විය.

එවිට බෝධිසත්ත්වයෝ “සබඳ මේ කිමද? තොප මාත් රැගෙන දියෙහි ගිලෙන්නේ මන්ද?” යි ඇසූහ. එබස් ඇසූ කිඹුලා “‍‍‍බොල මා තොපට පලාපල දෙන්නට උපන් එකෙකැයි සිතීද? මාගේ බාරියට තොපගේ හෘදමාංශය කෑමෙහි දොලක් උපන්නෙයින් තොප මරා ඒ ගනුවස් මෙසේ රවටා ගෙන ආමි”

“තා සිතූහැටිනම් යහපත්,එහෙත් වානරයන්ගේ හෘදමාංශය උන්ගේ ලයෙහි වෙත් නම් ගසින් ගසට පනිද්දී හා ගසින් බිමට පනිද්දී එය සුනුවිසුනු වීයත්. ඒ තාහට නොවැටහීද?” යනුවෙන් වානර රජු විමසීය.

“එසේනම් තාගේ හෘදමාංශය ඇත්තේ කොයිබද?”

“අර ඈත පෙනෙනා දිවුල් ගසේ එල්ලෙන්නේ මාගේ හෘදමාංශයයි” වානර රජතෙමේ තමා උන් ගොඩයෙහිම ඇති ගසක් පෙන්නා එසේ කීහ.

“එසේනම් මා ‍තොප නොමරමි, මට ඒ හෘදමාංශය දිව” යි කියා වහා වඳුරාව එගොඩට ඇරලවීය.

වඳුරා වහා මහා ගසකට නැග “බොල කිඹුල එගොඩ ඇති පලවැලෙන් මට වැඩක් නැත, අඥානය වඳුරන්ගේ හෘදමාංශය සිරුරෙන් පිට එල්ලෙන්නේද? තා සිරුරෙන් විශාලවුවත් නුවණක් නැත්තේය. මට වංචා කළ තටද මා වංචා කළෙමි. මට නොපෙනී වහා තගේ නිවසට යව.” කීය.

“එසමයෙහි කිඹුල්දෙන වූයේ මෙකල චිංචිමානවිකාවය, කිඹුලානම් දේවදත් ස්ථවිරයන් වහන්සේය, වඳුරාව උපන්නේ මම්ය යි වදාරමින් සුංසුමාර ජාතක කථා පුවත වදාලහ.

Monday, October 8, 2012

වතුර කෝප්පය



10. වතුර කෝප්පය
මා බලන්නට එන අය බොහෝ දෙනා සමාජයේ උසස් තැන් හොබවන අය වෙති. ඔවුන් අතර ව්‍යාපාරිකයෝ, ගුරුවරු, උපාධිධරයෝ හා වෙනත් රජයේ නිළධාරීහු වෙති. ඔවුන්ගේ මනස පිරී පවතින්නේ විවිධ දේ හා සම්බන්ධ මත වලිනි. ඔවුන් අන්‍යයන්ගේ මත වලට ඇහුන් කන් දීමට තරම් දක්ෂතාවයෙන් උසස්ය.
එය හරියට වතුර කෝප්පයක් බඳුය. එම කෝප්පය පිරී ඇත්තේ අපිරිසිදු කුණු වතුර වලින් නම්  එයින් ප්‍රයෝජනයක් නැත. එම අපිරිසිදු ජලය ඉවත් කිරීමෙන් පසුව හිස් කෝප්පය ප්‍රයෝජනවත් විය හැකිය. 

ඔබට හරියට දකින්න‍ට පුලුවන් වන්නේ ඔබ සිතේ බැස ගෙන ඇති දුරුමත ඉවත් කිරීමෙනි. අපේ පුහුණුව දක්ෂකම හා මෝඩකම ඉක්මවා යන්නකි.

ඔබ ඉතා දක්ෂ, ධනවත්, වැදගත් එමෙන්ම බුදු දහම ගැන හසළ දැණුමක් ඇති බුද්ධිමතෙකු ලෙස සිතතොත් ඔබ අනාත්ම භාවයේ සත්‍යය වසා සිටින්නෙකි‍. 

ඒ මගින් ඔබ පිළිගන්නේ “මමය” “මාගේය” යන ආත්ම වාදයයි. එහෙත් බුදු දහම ආත්ම වාදය බැහැර කරයි. 

තමා ඉතා දක්ෂයයි සිතන අය කිසිදාක ඉගෙන නොගනිත්. ඒ අය පළමුව “කෝප්පය හිස් කළ යුතුය”.

Friday, August 24, 2012

දොළස්වන සිහිනය


භාග්‍යවතුන් වහන්ස, සැහැල්ලු වූ ලබු කබල් දියෙහි පාවෙන්නේ නැතිව බර වස්තුවක් මෙන් දියෙහි ගිලුණා මා දුටුවා.

රජතුමනි අනාගතයේ සුදුස්සන්ට මැති ඇමතිකම් නොදී පහත් ගති ඇත්තන්ට ඇමතිකම් හා නිලතල ලබාදෙන නිසා රාජ සභාව හිස් කථාවලින් පිරී යනවා. විහාර ආරාම පූජනීය ස්ථාන ආදියෙහි ත් හිස් දේවල් රජවෙනවා. රටේ හිස් දේවල් තමයි මිනිස් සිත්වල කාවදින්නේ. ඒකයි රජතුමනි මේ හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් පෙන්වන්නේ.

Friday, August 17, 2012

සොළොස්මස්ථාන වන්දනාව-දෙවන ස්ථාන අට




මෙහි පෙර ලිපියෙන් පළමු වන්දනා ස්ථාන අට ඉදිරිපත් කරන ලදී. එම ලිපියට පිවිසීමට නම් http://buduhamuduruwo.blogspot.com/2012/07/blog-post_25.html

 09. ඡය ශ්‍රී මහා බෝධිය

දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි
. සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්‍රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදී.

සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ ද එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.

අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ, ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්‍රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්‍රි.පූ. 3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රරමුඛ භික්ෂූණීන් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි. ධර්මාශෝක අධිරාජයාගේ වැඩියෙන්ම ආදරය හා ගෞරවයට පාත්රි වූ වටිනාම වස්තුව වුයේ ශ්‍රී මහ බෝධිය නිසා, එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් මෙහි බුදු දහම ව්යාාප්ත කිරිමට ක්‍රියා කළ තම පුතා සහ දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව අප රටට නො ලැබෙන්න බෝහෝ ඉඩ තිබුණි.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය පිහිටි භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වු ස්ථානයක් බවට මහවංසයේ සදහන් වේ. මේ හේතුව නිසාම එම ස්ථානය ශ්‍රී මහ බෝධිය රෝපණය කිරිමට සුදුසු බව තීරණය කරන ලද්දේ මිහිදු හිමියන් විසින්මය.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය රෝපණය කරන ලද්දේ ක්‍රි.පූ. 307 ට ආසන්න දිනයක බව, ඉතිහාසඥයන්ගේ අදහසයි. මිහිදු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාව රැගෙන ආවාය.

මහමෙව්නා අයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්යනයේ සිදුවිය. එම අත්සවයට ඈත ප්රබදේශවලින්ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රැහුණු කතරගම හා සදුන්ගම කෂ්ත්රිවයන්ගේ පැමිණිම ද සදහන් වේ. ඔවුන් බුදු රජාණන්වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකි බව සනාථ වේ. එසේ නොවන්නට නම් එතරම් දුර බැහැරක සිට අනුරාධපුරයේ පැවති බෝධිරෝපණ උත්සවයට සහභාගි වීමට හේතුවක් නැත.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය උස් බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගීමට පියගැට පෙළක් ද ඉන්පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද ඉදිකළ බව පොතපතෙහි සදහන් වේ.

දේවානම්පියතිස්ස රජු අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කළේය. එම කාලයේදී බෝධින් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකනු ලැබීය. පසුකාලවලදී සිංහල රජවරුන්ගේ අනුග්‍රහය ලැබීමට හේතු කාරක අපට පැහැදිලි වන්නේය. එනම් දේවානම්පියතිස්ස රජු, ශ්‍රී ලංකාව බෝධියට පූජා කර තිබීම නිසා, ශ්‍රී ලංකාවේ නියම හිමිකරු වන්නේ බුදුන්වහන්සේ ලෙස සැළකීම ප්‍රධාන හේතුවකි.

වන්දනා ගාථාව

යස්ස මුලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤුතං සත්තා
වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාතේන පූජිතා
අහංපිතේ නමස්සාමී

Tuesday, August 14, 2012

පංච ශීලය



අන්තර්ජාලයේ පළවූ රූපයකි